මීට දින හතරකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන නාඳුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.
ඊයේ (08) සවස අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට දුන් තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය විසින් මළ සිරුර සොයා ගෙන ඇත.
මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබී ඇති අතර සිරුර නරක් වී තිබු බව ද පොලීසිය පැවසීය.
මියගොස් සිට ඇති කාන්තාව අවුරුදු 35ක් පමණ වන තැනැත්තියක් වන අතර, ඇය දුෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
කාන්තාව මියගොස් සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙක් පැමිණ ඇති බවත් CCTV කැමරා ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.