“කෝලම් කුට්ටම” නවතම ටෙලි නාට්‍යය එළැඹෙන අගෝස්තු 3වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතය.
ඒ අගෝස්තු 2 වැනිදා නිමාවන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙන් පසුවයි.
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදනය කරන මෙම ටෙලි නාට්‍ය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පවතින පාරම්පරික වෙස් මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන නාට්‍යයක්.
රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කර ගනිමිනුයි මෙම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය නිර්මාණය වී ඇත්තේ.
මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ නලීන් ප්‍රදීප් උඩුවෙල, මාලි ජයවීර, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මෞලි ෆර්ඩිනෑන්ඩු, සරත් කුලාංග, නිරෝෂා තලගල, අනුරාධා එදිරිසිංහයි.
ඊට අමතරව තවත් ප්‍රසිද්ධ සහ ආධුනික රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
ඕනෑම ටෙලි නාට්‍යයක රසය තවත් වැඩි වෙන්නේ කැමරාකරණයේ ඇති දක්ෂතාවයත් එක් වීමෙනි.
ප්‍රභාත් දර්ශන කියන්නේ අපි හැමෝම දන්නා ඉතා දක්ෂ කැමරා ශිල්පියෙක් ඔහු තමයි කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය කැමරාවට නගන්නේ.
මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයද,වාසනා බණ්ඩාර වේෂ නිරූපණයද ,ධනංජය මංචනායක සහය අධ්‍යක්ෂණයද සිදු කරද්දී නිෂ්පාදන කළමනාකරණය සිදු කරන්නේ ධම්මික ගුණසේකර විසිනි.
ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් වැලඳ ගත් නාඩගම්කරයෝ ටෙලි නාට්‍යය වගේම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයත් වෙනස්ම ආකාරයකින් සමාජයේ අපි නොදකින පැති කඩවල් ගැන කතා කරන ටෙලි නාට්‍යයක්.
නාඩගම්කාරයෝ එක්ක එකතු වෙලා හිටපු ස්වර්ණවාහිනී ආදරණීය ප්‍රේක්ෂකයන් කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයත් එක්ක එකතු වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.