බොලිවුඩයේ තරුණ රංගන ශිල්පිනියන් අතර සෝනාක්ෂි සිංහා කියන්නේ වඩාත් කැපී පෙනෙන දක්ෂතා දක්වපු නිළියක්.
ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට පැමිණි ඇය 2010 වසරේ Dabangg ක්රියාදාම චිත්රපටයෙන් රංගනයට පිවිසි අතර, ඇයට හොඳම කාන්තා නවක නිළිය සඳහා වන Filmfare සම්මානය හිමිව තිබුණා.
Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012) සහ Holiday: A Soldier Is Never Off Duty (2014) ඇතුළු ක්රියාදාම චිත්රපට කිහිපයක ප්රධාන චරිත නිරූපණය කරමින් ඇය ප්රසිද්ධියට පත් වුණා.
පසුගියදා සෝනාක්ෂි සිංහා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ සුන්දර ඡායාරූප කීපයක් පළ කළා.
ඒ ඇගේ ලන්ඩන් සංචාරකදී ගත් ඡායාරූප කීපයක්.
ලන්ඩනයේ මාවත් අතර ඇවිද යන ඇගේ ඒ සුන්දර ඡායාරූප පහත දැක්වෙනවා.