කඩාවැටී තිබෙන ලාංකීය සිනමාව නගාසිටුවීම අරමුණු කරගෙන EAP සිනමා මණ්ඩලය විසින් ලංකාවෙ ප්‍රථම වතාවට Open Cinema Theater (විවෘත සිනමා ශාලා) ආරම්භ කිරීමට මේ වනවිට සූදානම් කර තිබෙනවා.
විශේෂත්වය වන්නෙ මෙය නගර වලින් බැහැරව ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ආරම්භ වීමයි.
මෙලෙස දිවයින පුරා තිබෙන ගම්මාන සියල්ල ආවරණය කරමින් Open Cinema Theater ආරම්භ කිරීමට EAP සිනමා මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
මෙලෙස Open cinema theater ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පියවරක් ලෙස මුදල් අය කිරීමකින් තොරව නොමිලේ පලමු චිත්‍රපට ද්විත්වය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.
“මායා” සහ “ආශාවරී” චිත්‍රපට ද්විත්වය මෙලෙස Open Cinema Theater හඳුන්වා දීමේ පියවරේ දී දිවයින පුරා යළි ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටිනවා.