ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පසුගිය දින කිහිපය තුළ මතභේදයකට පැටලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ ශාන්ත සේවියර් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් සම්බන්ධයෙන්.
බිකිනියකින් සැරසී සිටින 31 හැවිරිදි අදාල සහකාර මහාචාර්යවරිය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක්කළ සිද්ධියක් සම්බන්ධවයි මෙම සිදුවීම සිදු වී තිබුණේ.
අදාල ඡායාරූපය හේතුකොටගෙන එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් තමන්ට වහාම රැකියාවෙන් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවයි ඇය මාධ්‍යට සඳහන් කර තිබුණේ.
ඇයට එහිදී අපහාස සිදුවූ බව පවසමින් ඉන්දීය රුපියල් මිලියන 990ක වන්දියක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාල සියලු චෝදනා එම පෞද්ගලික විශ්ව විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.