හොඳයි, ව්‍යාකූල වෙන්න එපා.
මේ පුවත වාර්තා වන්නේ ලොවක් දන්නා නිල් චිත්‍රපට තරුවක් පිළිබඳවයි,
පරිඝනක දත්ත හැකර්වරු පිරිසක් මෑතකදී ඊජිප්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ ෆේස්බුක් පිටුව හැක් කර හිටපු වැඩිහිටි තරුවක් වන මියා කලීෆා ඊජිප්තුවේ අධ්‍යාපන උපදේශකයෙකු ලෙස පත් කරන ලෙස අමුතු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් වාර්තාවලට අනුව, මේ හැකර්වරු ඊජිප්තුවේ බෙහෙයිරා පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ ෆේස්බුක් පිටුවට රිංගා, සටහනක් සහිත මියාගේ පින්තූරයක් පළ කර තිබෙනවා.
එම සටහනෙහි දැක්වෙන්නේ,
‘අපි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රෙඩා හෙගාසිගෙන් ඉල්ලා සිටින්නේ ආචාර්ය මියා කලීෆා අධ්‍යාපන සංවර්ධනය සඳහා උපදේශකවරියක් ලෙස පත් කරන ලෙසයි.’


