ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසනවා.
එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් ලෙස ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කිය වන අතර ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක ඒ බව සඳහන් වනවා.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.