යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය මේ වනවිට පැවැත්වෙනවා.
ඊට සමගාමීව කෝවිල් පරිශ්‍රය ආසන්නයේ වැලිවලින් අපූරු නිර්මාණ කටයුතු ද සිදු වෙමින් පවතිනවා.
කෝවිලට පැමිණෙන බැතිමතුන් ඇතුළු පිරිස්වලගේ ආකර්ෂණයට හේතු වී තිබෙන මේ වැලි නිර්මාණ හිංදු ආගමික සංකල්පවලට අනුව නිර්මාණකරුවන් විසින් නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.
නල්ලූර් කෝවිලේ පූජකවරු පවසන්නේ වැලි නිර්මාණ ප්‍රදේශය මේ වන විට සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට හේතු වී තිබෙන බවයි.