ස්වර්ණවාහිනිය, ශ්රී FM සහ EAP චිත්රපට සමාගම සමග එක්ව, ශ්රී ලංකාවේ ප්රථම වරට එළිමහන් සිනමා ප්රදර්ශනයක අත්දැකීම ශ්රී ලාංකේය ප්රේක්ෂක ජනතාව වෙත නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද (27) සවස 5.00 සිට, කුරුණෑගල උඩවල්පොල ක්රීඩාංගණයේදී පැවත්වෙන මෙම එළිමහන් සිනමා ප්රදර්ශනයේදී, හේමාල් රණසිංහගේ රංගනයෙන් හැඩවූ ‘ආශාවරී’ සහ ශ්රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව රන්ජන් රාමනායකගේ සහ පුබුදු චතුරංගගේ රංගනයෙන් හැඩ වූ ‘මායා’ චිත්රපට ද්විත්වය ප්රදර්ශනය කිරීමට නියමිතයි.
එමගින් අති නවීන ශබ්ද තාක්ෂණය සපිරිව සිනමා අද්දැකීමක් විඳගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන අතර දේශීය සිනමාව ප්රවර්ධන කිරීමේ මෙහි අරමුණයි.