රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා දෙන බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩක් නිකුත් කරමින් පවසනවා.
එසේම ඔහු SJB පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර SJB හි දූෂණ විරෝධී කමිටුවේ ද නායකත්වය දරනු ඇති බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.