පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ චීනයේ පළාත් කිහිපයකම වැසියන් පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ අතරින් වැඩිම බලපෑමට ලක්ව තිබුණේ චොන්යින් සහ සිචුවාන් පළාත්වල වැසියන්.
එම පළාත්වල මේ දිනවල උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශය 40 ට වැඩි අගයකටයි.
පවතින තත්ත්වය හමුවේ යැන්සි ගංගාවේ ජලය සිඳී ගොස් ඇති බැවින් ජල විදුලි උත්පාදනය සීමාවීම නිසා ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
එබැවින් වායු සමීකරණ භාවිතයට සීමා පනවා ඇති අතර දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන ක්‍රියාත්මක වන්නේ අඩු ආලෝක ධාරා යටතේයි.
පවතින තත්ත්වය හමුවේ නිවෙස් තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් චොන්යින් සහ සිචුවාන් වැසියන් විකල්පයක් ලෙස පැරණි බංකර් සහ ගල්ගුහා ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල් වැනි ස්ථාන සොයා යන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.
