වික්රම් වේධා හින්දි ප්රතිනිර්මාණයේ පළමු පූර්ව ප්රචාරක පටය නිකුත්ව තිබෙනවා.
පැය 2ක් යන්නත් මත්තෙන් මේ වන විට වීව්ස් මිලියන 3 පසුකර ඇති මෙම විඩියෝවෙන් හැඟෙන්නේ පසුබෑමට ලක්ව ඇති හින්දි සිනමාව නැවත අළුගසා නැඟිටීමේ පෙරනිමිති පහළවන බවයි.
2017 තිරගත වූ වික්රම් වේධා දමිළ චිත්රපටයද අති සාර්ථක වූයේ විජය සේතුපති සහ මාධවන් ගේ අග්රගන්ය රංගනය හේතුවෙන්.
දමිළ සිනමාපටයම අධ්යක්ෂණය කළ අධ්යක්ෂකවරුන් දෙපළම මෙම හින්දි ප්රතිනිර්මාණය කර ඇති අතර සයිෆ් අලි ඛාන් සහ රිතික් රෝෂන් ප්රධාන භූමිකාවන් නිරූපණය කරනවා.
මෙම පූර්ව ප්රචාරක පටය මේ වනවිටම උන්මාදයක් ඇති කර තිබෙන අතර සැප්තැම්බර් 30 වන දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.