177 කඩුවෙලින් ගමන් ආරම්භ කර රාජගිරියට ගොස් ජයවර්ධනපුර රෝහල බලා යමීන් සිටි වෛද්‍ය සිසුවිය සිත්මි බසයේ සෙනග තෙරපෙමින් සිටි මොහොතක එහි හදිස්සි තිරිංග තද කිරීමකින් එහි ගමන් ගනිමින් සිටි ගැබිනි මවකගේ උදරය තෙරපී තිබෙනවා.
ඇය වේදනාවෙන් යුතුව හඬා වැටෙන්නට වූ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය සිසුවියට ගැබිනි මව පරික්ෂාවට ලක් කිරීමේ දී ගැබිනි මව සතුව තිබු වෛද්‍ය ප්‍රතිකාර කාඩ්පතේ සඳහන් පරිදි ඇගේ හෘද ස්පන්දනය වැඩි වී ඇති බැව් නීරීක්ෂණය වී තිබුණා.
ඒ වන විටත් ඇගෙ උදරය තෙරපීමකට ලක්ව තිබු නිසා බස්රථය වහාම කොස්වත්ත රෝහල අසල නවතාගෙන ගැබිනි මව කොස්වත්ත රෝහලෙන් ගිලන් රථයක නංවා කාසල් රෝහල වෙත ඇතුලත් කිරීමට සමත් වී තිබෙනවා.
ඇගේ තැනට සුදුසු නුවණත් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමත් නිසා ජීවිත දෙකක් බේරාගැනීමට සමත් වුණා.

