පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්වුණා.
මෙම උත්සවය ආරම්භ කරමින් වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාව පැවැත්වූ අතර ආරාධිත අමුත්තෝ නිවුන් අලි පැටව් දෙදෙනාට හා නිවුන් අලි පැටව්න්ගේ මව වන සුරංගීට කිරි බත් පලතුරුවලින් සංග්‍රහ කරනු ලැබුවා.

