තලේබාන් සටන්කාමීන් අතින් තම පියා ඝාතනය වූ පසු වයස අවුරුදු 11දී ඇෆ්ගන් සරණාගතයෙකු ලෙස ට්‍රක් රථයක පසුපස සැඟවී ඩෙන්මාර්කයට පලාගිය නාදියා නදීම් මේ වන විට ඩෙන්මාර්ක් ජාතික පාපන්දු කණ්ඩායම 98වරක් නියෝජනය කර තිබෙනවා.
ඇය එහිදී ගෝල 200ක් වාර්තා කර තිබීමද සුවිශේෂත්වයක් වනවා.
පාපන්දු ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දවසේ ඉතිරි කාලය තුළ වෛද්‍ය අධ්‍යාපන හදාරා 2022වසරේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබු නාදියා ඉගෙන ගැන ඇති භාෂා ගණන 11ක්.
2018වසරේදී ෆොබ්ස් සඟරාව මගින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ බලවත්ම කාන්තාව ලෙසද නාදියා නදීම් නම් කරනු ලැබ තිබෙනවා.


