චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍යය රැසකට ද රංගනයෙන් දායක වු අනුර මැදගොඩ මහතා පසුගිය(02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මියයන විට 74 වන වියේ පසු වුණා.
ගඟ අද්දර, කරැමක්කාරයෝ, යුගාන්තය,දෙවෙනි ගමන, ආදර කතාවක්, මහ ගෙදර වැනි චිත්‍රපට රැසකටම ඒ මහතා රංගනයෙන් දායක වී තිබුණා.
ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙක් වූ අතර පාසලේ ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ මලල ක්‍රීඩකයෙක් ද වුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද(05) මහනුවර මහයියාව කනත්තේදී සිදු කරනු ලබනවා.