හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණ අතර ඊට නාමල් රාජපක්ෂ මහතා සහභාගිවී නොසිටි බව වාර්තා වනවා.
වාද, විවාද සමග සුහදව පැවති එම සාකච්ඡාවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් රටතුල ඇති සියළුම අමාත්‍යාංශ, ආයතන, දෙපාර්තමේන්තු, පළාත් සභා, ක්‍රීඩා සංගම් ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව යෝජනා වී තිබෙනවා.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරනතුංග, ගාමිනී ලෝකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියා.




