සමරිසි පුද්ගලයන්ට දඬුවම් පමුණුවන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබුණා.
මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර තලයේ අවශ්‍යතා සපුරාලන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4ක්ම සමරිසි පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා තිබෙනවා.
සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම අවසන් කිරීමට සහ සමරිසි පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද මීට පෙර ඉදිරිපත් කර තිබුණා.