ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මව්බිමට පැමිණි දිනයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්සන් ගැනීම සඳහා ඔවුන් ගමන් ගත් බස් රථයට විසි කළ පිත්ත නැතිවීම හේතුවෙන් කඳුළු සලන පුංචි දේෂාන් ගැන live at 8 පුවත් විකාශයෙන් පසුගිය 16 වැනිදා ඔබට තොරතුරු ගෙන ආවා.
අට වසරේ ඉගෙනුම ලබන දේශාන් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.
තමන් බොහෝ සෙයින් ආදරය කළ ක්‍රිකට් පිත්ත යළි ලබාදෙන්න මේ පුංචි ක්‍රිකට් ලෝලියා බොහෝම සංවේදීව ඉල්ලීමක් කළා
ඊයේ (18) රාත්‍රියේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හිත ඉල්ලන තරු’ වැඩසටහන පුංචි දේෂාන්ගේ සිහින සැබෑ වුණු රාත්‍රියක් වුණා.
ආසියානු ශූරතාවය දිනූ ක්‍රිකට් විරුවන් සහභාගි වූ හිත ඉල්ලන තරු වැඩසටහින් දේශාන්ට වටිනා අලුත්ම පිත්තක හිමිකරුවෙකු වෙන්නට වාසනාව ලැබුණා.
පුංචි දේශාන් තමන්ට ලැබුණු අලුත් පිත්තට ක්‍රිකට් විරුවන්ගේ අත්සන් එකතු කරගත්තේ වචනෙන් කිව නොහැකි තරමේ සතුටකින්.
අලුත් ක්‍රිකට් පිත්ත මෙන්ම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් ත්‍යාගයක් ද ඔහුට එහිදී හිමිවුණා.
මේ පුංචි හිත පුදුමයට පත් වුණේ දින කිහිපයකට පෙර නැතිවූ ක්‍රිකට් පිත්ත ද යළි ඔහුට එහිදී ලබාදුන් මොහොතේදීයි.
තම පුතුගේ සිහිනය සැබෑවනු දුටු ඔහුගේ මව වැඩසටහන අතරේ ඉතා සංවේදී වූයේ ඇයටත් නොදැනිමයි.



