සුන්දර යුවතියක් වූ හර්ෂනී පසුගිය මාසයේ රසික සමග විවාහ දිවියට එළඹියේ ජීවිතය ඇති තුරු එකට ආදරයෙන් බැඳී සිටීමේ ප්‍රාර්ථනාවත් සමගයි.
ඉන් දින කිහිපයකට පසුව සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් ඇය ඊයේ (26) ජීවන ගමන නිම කළේ කිසිවෙක් නොසිතූ ලෙසයි.
මේ රුවැත්තියගේ මරණයට වගකිවයුත්තේ වෛද්‍යවරයකු බවට ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාද එල්ල කර තිබුණා.
හර්ෂනීගේ උපන්දිනය යෙදී ඇත්තේ ද අද (27) දවසටයි.
උපන්දිනයට පෙර ජීවන ගමනින් සමුගත් ඇය ගැන රසික මෙවන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.