මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරනවා.
අයහපත් කාලගුණ තත්ත්වය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලබාගෙන තිබූ ගුවන් ඡායාරූපවලින් පෙන්වන්නේ මගී කාර්, වෑන් සහ ලොරි එකිනෙක ගැටී ඇති බවයි.