ලංකාවේ කලා පවුල් අතරින් මුල් පෙලේ ඉන්න පවුලක් තමයි, ජැක්සන් පවුල. මේ දවස්වලනම් ජැක්සන් ඇන්තනී මහත්මයා හැමෝම දන්න විදිහට ප්‍රථිකාර ලබමින් ඉන්නේ. රෝහල් අරංචිමාර්ග වලින්නම් කියවෙන්නේ ඔහුගැන කොල එළියක් තියෙනවා කියලා.
මේ කතාව සජිත අනුත්තර ගැන. ජැක්සන් පවුලේ බඩපිස්සා. ජැක්සන් ඇන්තනීට අනුවනම් අකිල කියන්නෙ තනිකරම ජැක්සන්මයි. කවද හරි දවසක මම වෙන්නෙ මෙන්න මේ වගේ චරිතයක් කියල අදටත් හීන දකින චරිතය තමයි සජිත කියන්නේ.
ජැක්සන් ඇන්තනී තම ලොකු පුතාව චිත්‍රපටිවලට, ටෙලිනාට්‍ය වලට සම්බන්ධ කරගත්තට සජිතව ඒ කිසිම දේකට සම්බන්ධකරගත්තෙ නෑ. ඒ කවද හරි දවසක හරිම දේ සජිතට දෙන්න ඕන කියල හිතල වෙන්නත් පුළුවන්.
සජිත වෙනුවෙන්ම ලියවුණු තිරපිටපතක් ජැක්සන් ඇන්තනී රූපරාමුවලට නගනවා, ඒ “එකගෙයි සොකරි” විදිහට. තවමත් මේ චිත්‍රපටිය එළිදක්වන්න බැරි වෙන්න හේතුව ජැක්සන් ඇන්තනී රෝහල්ගත වීමයි. හැබැයි මෑතකදී යූටියුබ් ඔස්සේ වීඩියෝවක් විකාෂය කරමින් එකගෙයි සොකරි චිත්‍රපටය මේ අවුරුද්දේ තිරගතවන බවට බලාපොරොත්තුවක් දෙනවා. සජිත කොහොමද සොකරිට පණ දෙන්නෙ කියල එදාට බලාගන්න පුළුවන්.
සජිත මෑතකදී යූටියුබ් සාකච්ඡාවකට සම්බන්ධවෙලා හරි අපූරු කතාවක් කිවුවා. ඒ සජිතගෙ බිරිඳවෙන බුවිනිට සජිත පණ ඇරලම ආදරෙයි කියල. ඒ ආදරේට අපෙනුත් සුබ පැතුම්. ඒ වගේම ගෙදරදි දඟම සජිත, හොඳම අකිල, වසම මාධවී කියල තමා සජිත කියන්නේ.