නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර 52 වැනි අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගී වී, ආසියාවේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය සහ සහතිකය දිනා කටුනායක ගුවන් තොටුපලට පැමිණි ජගත් මනුවර්ණට අසීරුතා රැසකට මුහුණපාන්න වෙලා.
අරගලයට සහභාගී වීම හේතුවෙන් ජගත්ට එරෙහිව නඩු දෙකක් පවරා තිබෙනවා වගේම නඩුවලට අදාලව ගුවන් ගමන් තහනම් නියෝග දෙකක් පනවලා. ඒ නිසා මේ සම්මානය රැගෙන, ගුවන් ගමන් බලපත්ර පෙන්වලා ගුවන් තොටුපොළ බුද්ධි අංශයට ප්රකාශයකුත් දීල තමා ජගත් මනුවර්ණට යන්න වෙලා තියෙන්නේ.
සිනමාවේදී ජගත් මනුවර්ණ ඊයේ (07) උදෑසන 08.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
සිනමාවේදී ජගත් මනුවර්ණට මෙම සම්මානය හිමිවෙන්නේ “රහස් කියන කඳු” චිත්රපටයට.
මෙම සිනමා උළෙලේ ජූරියේ සභාපතිවරයා, සිනමාකරුවන්ගේ ධෛර්යය වෙනුවෙන් සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් ඉරානයේ සිරගත කර සිටින සිනමාවේදී ජෆාර් ෆනායි වෙත තම අසුන්වලින් නැගී සිට අත්පොලසන් නාදයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්පසුවයි ජගත් මනුවර්ණට මේ සම්මානය ලබාදී තිබෙන්නේ. ඒ රටවල ප්රකාශනයේ නිදහස උපරිමයේ තිබෙනවා වගේම ඔවුන් ඒකට ගරු කරනවා.