ප්‍රාණ භුක්තිය තබාගෙන මිත්තණිය පවරා දුන් නිවස සහ දේපල යළි මිත්තණියට පවරා දෙන ලෙස ප්‍රසිද්ධ නිළියකට අධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා.
එසේම එම දේපල සියල්ල නිත්‍යානුකුලව පවරා දෙන තෙක් රුපියල් මිලියන 05ක වන්දියක් සහ මසකට රුපියල් 30,000 බැගින් වූ දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙසයි අධිකරණය නියෝග කරේ.
කුඩා කල සිටම ආදරයෙන් බලාගත් මිණිබිරිය තම මිත්තණියගේ පරිත්‍යාගශීලිත්වයට ගරු කිරීම කෙසේ වෙතත් දුරකථනයෙන් හෝ ඇයගේ සුවදුක් විමසීමට දායක වී නොමැති බව සාක්ෂිවලට අනුව අධිකරණයට පෙනී ගිය බවයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය එහිදී පෙන්වා දී තිබෙන්නේ.
72 හැවිරිදි මිත්තණිය තම දරුවන් සමග කොල්ලුපිටියේ පදිංචිව සිට තිබූ අතර තම මිණිබිරිය වූ අදාළ ජනප්‍රිය නිළියට සිය නිවස සහ දේපල පවරා දී තිබුණේ 2010 වසරේදී යී.
ඒ අනුව නිවසේ වහලය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව පවසමින් එම ප්‍රසිද්ධ නිළිය තමා නිවසින් පිට කළ බවට පවසමිනුයි මිත්තණිය අධිකරණයේ පිහිට පතා තිබුණේ.