මාධවී ඇන්තනී ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් දියණියයි.
මෑතකදී මාධවිගේ මුහුණු පොතෙන් අලුත් ආදර කතාවක් ආරංචි වුනා. කවුද මේ අලුත් පෙම්වතා. ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හිනටිගල. තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර පිටපත් රචකයෙක්.
නීතිඥයෙක් වෙන්න අධ්‍යාපනය හදාරන කසුන් නීති විෂයට වඩා සිනමාවට ආදරය කරන තරුණයෙක්, වෙනස් විදිහට හිතන පුද්ගලයෙක් වගේ තමයි ඔහුගේ මුහුණු පොත බලනකොටනම් පෙනෙන්නේ.
කසුන් මෑතකදී මාධවිත් එක්ක ඡයාරූපයක් පළමු වරට මුහුණු පොතේ පල කරලා තිබුණා. ඔහු එහි සටහන් කර තිබුණේ ” ඇය ඔබගේ පළමු කෙනාවත්, ඔබ ඇයට සිටි එකම කෙනාවත් නොවිය හැකිය. නමුත් ඇය දැන් ඔබේ ය. ආදරය එසේය. කොන්දේසි විරහිතව පෙම් කරන්න. ප්‍රාණසමව රකින්න.!” ලෙසයි.
ඡයාරූප පහතින් නරඹන්න