ඇමරිකානු ජාතික ජනප්‍රිය ගායිකාවක්, නිළියක් සහ නිෂ්පාදිකාවක් වන සෙලීනා ගෝමස් නැවත සමාජ මාධ්‍යට පැමිණීමත් සමග Instagram ජාලය තුළ වැඩිපුරම අනුගාමිකයන් සිටින කාන්තාව බවට පත්වී තිබෙනවා.
මේ වනට විට සෙලීනා ගෝමස්ගේ Instagram ගිණුමෙහි අනුගාමිකයන් මිලියන 382ක් සිටිනවා.
සෙලීනාට පෙර කයිලි ජෙනර් Instagram හි වැඩිපුරම අනුගාමිකයන් සිටින කාන්තාව වී සිටියා. ලොව ලාබාලතම බිලියනපතිනිය වන කයිලි ජෙනර්ට අනුගාමිකයන් මිලියන 380 සිටිනවා.
සෙලීනා ගෝමස් මෑතක දී පානයක් තොලගාන පින්තූරයක් Instagram ගිණුමෙහි පළ කර තිබූ අතර, එහි සිරස්තලය දක්වමින්, “මම මෙය එක වරක් මකා දැමුවේ එය ඕනෑවට වඩා වැඩි යැයි සිතූ නිසා” බවද සඳහන් කළා.
සෙලීනා ගෝමස්ට මිට පෙරත් Instagram ජාලය තුළ වැඩිපුරම අනුගාමිකයන් සිටි අතර සමාජ මාධ්‍ය තුළ ඇයගේ පසුබැසිමෙන් පසුව කයිලි ජෙනර් ඉදිරියට පැමිණියා.
සෙලිනා ගෝමස් සමාජ මාධ්‍ය තුළ අක්‍රියව සිටි කාලයේදී ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන් ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ photos සහ videos පළකළ ඇති බවයි ගෝමස් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් TIKTOK වීඩියෝවක් තුළින් සෙලීනා ගෝමස් පසුගියදා පවසා ඇත්තේ ඇය නැවතත් සමාජ මාධ්‍ය තුළින් විරාමයක් ගන්නා බවයි.





