ලංකාවේ පුංචි තිරය වගේම රිදී තිරය වර්ණවත් කරන ප්රවීණ රංගන ශිල්පිනියක් වන යශෝධා විමලධර්ම මෑතකදී ඇයගේ පියා ගැන මතකයක් අවධි කරලා තිබුණා.
“මිලියන ගණනක් වටිනා අහඹු ඡායාරුපයක්” ලෙසිනුයි ඇයගේ මුහුණු පොතේ මෙම ඡායාරුපය සමග සටහනක් එකතු කර තිබුණේ.
යශෝධාගේ ජිවිතයේ පළමු සිනමා සම්මානය ඇයට ලැබී තිබුණේ ගුරු ගෙදර චිත්රපටය සඳහායි. ඒ,1993 වසරේදියි.
ඇයට වඩා එම සම්මානය වෙනුවෙන් සතුටට පත්ව තිබුණේ ඇයගේ පියා වන රවිලාල් විමලධර්ම මහතා. වසර ගණනකට පසු ඒ මතකය අවදි කරමිනුයි යශෝධා මේ සටහන තබා තිබුණේ.