එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී “වායෝ” සංගීත කන්ඩායමේ “අනාගතයේ” ගීතය ඊයේ (14) දින චාල්ස් රජු ඉදිරිපිටදී ගායනාකර තිබුණා.
ඊයේ දිනට යෙදී තිබුණු 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් රටවල් රැසක පිරිසක් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට පැමිණ සිටි අතර තම රට නියෝජනය වන පරිදි කලාත්මක අංග රැසක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අපූරු පුවත ගැන ලංකාවේ ප්‍රවීණ කලාකරුවෙක්වන සංගීත් වික්‍රමසිංහ මහතා මුහුණු පොත ඔස්සේ පණිවිඩයක් පලකර තිබුණා.
ඒ තම වැඩිමහල් පුතා වන සනුක පද රචනා කර සංගීතවත් කල ගීතයක් ලෙසයි.
නමුත් ඊට සුළු වේලාවකට පසු සනුක ඔහුගේ මුහුණු පොත ඔස්සේ එම පුවතම පල කරනවා. නමුත් නිවැරදිකිරීමක් සමග.
එම ගීතයේ පද රචනය “සංගීත් වික්‍රමසිංහ වන මාගේ පියා සමග මම” ලෙස ඔහු නිවැරදි කිරීමක් කර තිබුණා.
තාත්තා කෙනෙක් විදිහට තම පුතාට සම්පූර්ණ ඇගයීම ලබා දීම වෙනුවෙන් ඔහු එලෙස සටහන් කරන්නට ඇති. කෙසේ නමුත් ඒ දෙදෙනාටම අපගෙන් සුබ පැතුම්.
එංගලන්ත රජු ඉදිරියේ ගීතය ගායනා කර තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙපලක් මෙන්ම බටහිර ගායකයින් දෙපලක් වන රොශානි අබේ සහ නුවන් පෙරේරා.