ඉන්දියානු චිත්‍රපටයක් වන RRR චිත්‍රපටයේ “නාටු නාටු” ගීතය ලොවම උණුසුම් කරමින් හොඳම මුල් ගීතය ලෙස ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
සල්සා, ෆ්ලමෙන්කෝ ආදී විවිධ නර්තන සම්ප්‍රධායන් අභියෝගයට ලක් කරමින් ඒ සියල්ලෙහි සංකලනයක් ලෙස නව නර්තන සම්ප්‍රධායක් හඳුන්වා දෙන්නට මේ ගීතය තුලින් හැකි වී තිබෙනවා.
“මගේ සහෝදරයා. ඔබ නාටු දන්නවාද?,” කඩවසම්, රැවුල වවාගත් ඉන්දියානුවෙක් අවුල් සහගත පෙනුමක් ඇති ඉංග්‍රීසි ජාතිකයෙකුගෙන් අසයි. ප්‍රතිචාරයක් එනතෙක් බලා නොසිට, ඔහුගේ මිතුරා කැටුව, සිනමා තිරයක් අලංකාර කිරීම සඳහා වේග රිද්ම ගීතයකට නර්තනයේ යෙදෙනවා.
ජවය නොබිඳුණු මේ ගීතය ජාත්‍යන්තරය තුල තවත් සම්මාන රැසකට පාත්‍ර වීමට නියමිත බවයි විදෙස් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ.
ජනවාරි මාසයේදී නිව් යෝර්ක් චිත්‍රපට විචාරක කවය සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ එස්. එස්. රාජමෞලි මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වනවා.
ලොවක ආකර්ෂණය දිනා ගන්නට හැකි වුණු මේ චිත්‍රපටයට දායක වූ පිරිස පිළිබඳ විස්තර පහතින් බලන්න පුළුවන්.
චිත්‍රපටිය: RRR
ගීතයේ නම: නාටු නාටු
තිර රචනය සහ අධ්‍යක්ෂණය: S.S. රාජමෞලි
සංගීත අධ්‍යක්ෂණය: එම. එම. කීරවානි
පද රචනය: චන්ද්‍රබෝස්
රංගනය: රාම් චන්ද්‍රන්, අජේ දේව්ගන්, ආලියා භාත්, ඔලිවිය මොරිස්,
ගායකයන්: රාහුල් සිප්ලිගුන්ජ්
නර්තන රචනය: ප්‍රේම් රක්ෂිත්