ලංකාවේ කාඅතරත් ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා දැන් ඉන්නේ අමෙරිකාවේ.
“ඉගින මාළුවෝ” චිත්‍රපටය හරහා ලංකාවේ මතභේදයට තුඩුදෙන චරිතයක් නිරිපණය කළ ඇය අදටත් ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණු එක ගැන කනගාටු නොවෙන බව ප්‍රකාශ කරලා තිබුණා.
ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇතුලත් වුණු ඇතැම් දර්ශණ යූ ටියුබ් ඔස්සේ බොහෝ පිරිසක් නරඹලා තිබුණාට චිත්‍රපටය විකාශය වීම ප්‍රමාද වුණා.
යූ ටියුබ් ඔස්සේ එම දර්ශණ නරඹපු බොහෝ දෙනෙක් සුබවාදීව ඒ දේවල් දැකලා තිබුණේ නැහැ කියලා තමා ගයේෂා කියන්නේ. නමුත් මනසින් උසස් අය ඒ චිත්‍රපටය නිර්මාණයක් විදිහට දැකලා තිබුණා කියලත් ගයේෂා වැඩි දුරටත් සඳහන් කරලා තිබුණා.
මේ වෙනකොට ගයේෂා ඇයගේ පවුලත් සමග ජිවත් වෙන්නේ අමෙරිකාවේ.
අවුරුදු පහකට කලින් අමෙරිකාව බලා නික්මුණු ගයේෂා ඇගේ සැමියා “හසන්ජිත්” සමග ඔවුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා.
ඩේ කෙයා සෙන්ටර් එකක් කරගෙන යන මේ දෙන්නාට ඒ අදහස ආවේ පුතා නිසා කියලා තමා ගයේෂා කියන්නේ. කොහොම වුනත් මේ වෙනකොට ඉතාම සතුටින් ජීවිතය ගත කරන මේ පවුලට අපෙන් සුබ පැතුම්.