තමන්ව අඟහරුවාදා (21) අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බව ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මිට දින කිහිපයකට පෙර ඔහු මේ පුවත වාර්තා කල අතර අද දිනද එම පුවත අලුත් කරමින් ඔහු ප්‍රකාශයක් ලබා දී තිබුණා.
මෙම සිදුවීමට හේතුව වී ඇත්තේ නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප් පැවත් වූ සම්බන්ධයක්.
ඔහුගේ එම ඇසුර පිළිබඳව සමාජය දැනගත් විට මැතිවරණ කටයුතුවලට එය බලපෑමක් එල්ල කරාවි යන බය නිසා ට්‍රම්ප් අල්ලස් ලබා දී ඇති බවටයි ඔහුට චෝදනා එල්ලවන්නේ.
ඇමෙරිකානු නීතියට අනුව එය අපරාධමය වරදක් වනවා. යම් හෙයකින් මේ කරුණ හේතුවෙන් එරට අධිකරණය ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව පනවන පළමු අපරාධ නඩුව වන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.
ඇමරිකාවේ නිල් චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට නමක් දිනූ ස්ටෝර්මි ඩැනියෙල්ස් ජනපති ට්‍රම්ප් සමග සමීප සබඳතා පවත්වන බවට කටකතා පැතිරුනේ ට්‍රම්ප් ජනපති ධූරයට තරග වදින වකවානුවේයි.
ඒ දිනවල ඇගේ අත්සන යෙදූ ප්‍රකාශයක් අන්තර්ජාලය පුරා පළව තිබුනේ ඇය එවැනි සබඳතාවයක් ට්‍රම්ප් සමග නොපැවැත්වූ බව කියමින්.
නමුත් මෙම සංසිද්ධිය නැවතත් කරළියට ගැනීමට ඇමරිකාවේ ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන “Jimmy Kimmel Live” කටයුතු කළේ එම වැඩසටහනට ස්ටෝර්මි ඩැනියෙල්ස් ද සහභාගී සහභාගි කරගනිමින්.