තාරුක අපුරු හඬක හිමිකරුවෙක්. ජන සංගීතය, බටහිර සංගීතය, ව්‍යවහාරික සංගීතය හරහා තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන තරුණයෙක්.
“රාත්‍රිය මනරම් කියා” ගීතයෙන් ඔහු ජනතාව අතරට ගිය නමුත්, ඒ වන විටත් බොහෝ ගීත ඔහු විසින් නිර්මාණය කර තිබුණා.
ගායනයට වගේම තාරුක රංගනයට, නර්තනයටත් එක විදිහටම දක්ෂයි.
නවසීලන්තයට යන්න කලින් ඔහු ඒ හැම හැකියාවක්ම පෙන්වන විදිහේ ගීතයක් සමග ගීත රූප රචනයකුත් කළා.
ඇත්තටම තාරුක ඇයි හදිසියේම නවසීලන්තයට ගියේ?
තමන්ගේ ආදරය හොයාගෙනයි ඔහු නවසීලන්තයට ගිහින් තියෙන්නේ. ඔහුගේ සමීපතමයින් දන්නා දෙයක් තමා ඔහු කොයි තරම් පෙම්වතියට ආදරය කරනවාද කියලා.
ඇය බොහෝ කලක සිට පදිංචි වී ඉන්නේ නවසිලන්තයේ. ඒ ඇයගේ පවුලේ අයත් එක්ක.
උසස් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඇය විවාහ වෙන්න තීරණය කර තිබෙනවා. තාරුකට විවාහය සඳහා නවසීලන්තයට යන්න වුණේ ඔහු ලංකාවේ අතිශය ජනප්‍රිය කාලයකයි.
කොහොම වුණත් තාරුක මේ වෙනකොට ඔහු පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේදීම කලා කටයුතු ආරම්භ කරලා තියෙනවා. දෙදෙනාගේ ආදරයට වගේම තරුකගේ කලා කටයුතුවලටත් අපෙන් සුබ පැතුම්.