කිතුල්ගල හඳුන් ඇල්ල තරණය කිරීමට ගිය ඩෙන්මාර්ක් තරුණියකගේ දිවි බේරා ගැනීමට ගිය වෘත්තීය සංචාරක මගපෙන්වන්නෙකු වන අමිල මධුශංඛ නැමැත්තා හඳුන් ඇල්ලෙන් පහළට වැටී මියගොස් තිබෙනවා.
වසර 15 පමණ පළපුරුදු වෘත්තීය සංචාරක මගපෙන්වන්නෙකු වන මොහු කිතුල්ගල ප්රදේශයේ දියඇලි සහ ජල ප්රහාර තරණය කිරීම පිළිබඳව මනා පුහුණුව ලද තැනැත්තෙක් ලෙසයි වාර්තා වන්නේ.
ඩෙන්මාර්ක තරුණියක ඇතුළු පිරිසක් හඳුන් ඇල්ල තරණය කිරීමේදී එකවර ඇල්ලේ ජලය වැඩිවීමෙන් මෙම තරුණිය අනතුරට පත්ව තිබෙනවා.
ඇයගේ දිවි බේරා ගැනීමට අමිල උත්සහකළ අවස්ථාවේදී ඔහු මෙම ජල පහරට හසුව ගසාගෙනගොස් තිබෙන අතර ඩෙන්මාර්ක් තරුණියට කිසිඳු අනතුරක් සිදු නොවී ඇති බවයි වාර්තා වන්නේ.