ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන තරින්දි ප්‍රනාන්දු කියන්නේ තාරුණ්‍යයේ ආදරය තමන් වෙත ආකර්ෂණය කරගන්න හැකි වුණු කෙනෙක්.
ලංකාවේ හැමෝම දන්න ආදර කතාවක් තමා තරින්දි සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අතර තිබුණේ.
කොහොම වුණත් දැන් ඒ ආදර කතාවට දෙන්නම තිතක් තියලා.
මෑතකදී ඒ ආදර කතාව ආයෙමත් සැරයක් පටන්ගත්තු කතාවක් ආරංචි වුණා. ඒත් ඉතින් සැබෑ ජීවිතයේදී නෙමේ.
සමිතා මුදුන්කොටුවගේ ගීතයක රූපරචනයකට නැවතත් වරක් මේ දෙදෙනා ආදරවන්තයින් වෙලා තිබුණා.
“මේ දෙදෙනාව එම ගීතයේ රූපරචනයට යොදාගත්තේ බිඳිලා ගියපු ආදරකතාව පෙන්වලා ගීතය ප්රසිද්ධකරගන්න බලාපොරොත්තුවකින් නොවේ” කියලා තමා ගීත රචකයා වුණු ප්‍රසිද්ධ ගුරුවරයා ප්‍රකාශ කරලා තිබුණේ.
“මේ ගීතය පුරාම වචන වලින්, සංගීතයෙන් දනවන්න අපහසු හැඟීම් සමුදායක් මුහුණේ ඉරියව් වලින් පෙන්වන්න තිබුණා. ඒ හැකියාව ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් මම දැකලා තිබුණේ තරින්දිගේ විතරයි” කියලා තමා ගීත රචකයා කියන්නේ.