හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මියගිය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවකුගේ සිරුරු කොටස් ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ සිදුවීමක් වාර්තාවනවා .
කුරුණෑගල, දෙමටළුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රවීන් බණ්ඩාර සිසුවාගේ සිරුරු කොටස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පරිත්‍යාග කිරීම සඳහා ලබාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මියගිය ප්‍රවීන් බණ්ඩාර ඔහුගේ අම්මත් මල්ලි සහ නංගී සමඟ ඥාතියකු හමුවීමට ගොස් ආපසු නිවසට ගමන් කරමින් සිටියදී පසුගිය 31 වන දින රාත්‍රියේ වීරඹුගෙදර, කළුගමුව මාර්ගයේ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය ටිපර් රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා තිබුණා.
පසුව රෝහලට ඇතුලත් කළත් වෛද්‍යවරු කියා සිටියේ ඔහුගේ මොලය මියගොස් ඇති බවයි.
ඔහු නැවත කලින් තත්වයට නොපැමිණෙන බව පවුලේ පිරිසට දන්වා සිටීමෙන් අනතුරුව ඔවුන්ගේද කැමැත්තෙන් මේ සිසුවාගේ ශරීරයේ කොටස් වෙනත් පිරිසකට බද්ධ කිරීම සඳහා රැගෙන තිබෙනවා.
මේ ආත්ම භාවයේදී අකල් මරණයක් සිදුවුනත් මේ පිනේ මහිමයෙන් යලි කිසිඳු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.