වසය අවුරුදු 11ක් වූ ආරච්චිකට්ටුව, පදිංචි පේෂලා දෙව්මිණි දියණිය පසුගිය තුන් වනදා හදිසි අනතුරකට මුහුණදී තිබුණා.
එම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) දිනයේදී මියගොස් තිබෙනවා.
ඇය අධ්‍යාපනය හැදෑරු ශ්‍රී සද්ධානන්ද මහා විදුහලේ අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා මව සමග බස් රථයකින් පැමිණ මවට පෙර තනිවම පාර මාරු වීමට ගිය අවස්ථාවකදී ඇය මෙලෙස අනතුරට මුහුණ පා තිබුණා.
කොළඹ ජාතික රෝහලේ දින හතක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අද ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට අනතුර සිදු වූ ලොරි රථයේ රියදුරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී අද දින පැවත් වූ අතර මේ වන විට මෘත දේහය ඥාතින් වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.