අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දවසක සිය අමාත්‍යංශය මෙහෙයවන “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු” බලගැන්වීමේ, “අලුත් ගමක් අලුත් රටක්” වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා.
IMF ඉල්ලීම මත මෙම වැඩසටහන සිදුකරන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාව ඉලක්ක කරගෙන බවයි අගමැතිවරයා පවසන්නේ.
මෙම වැඩසටහනට සමගාමිව සිදුකරන සමීක්ෂණයේ ස්වේච්ඡාවෙන් යෙදී සිටින උසස් පෙළ සමත් දහස් ගණනක් දරුවන්ට ලබාදීමට නියමිත කිසිඳු දීමනාවක් මේ වන තෙක් ලබාදී නොමැති බව, මන්ත්‍රීවරයෙකු කුරුණෑගල පැවති උත්සව අවස්ථාවේදී අගමැතිවරයාට පෙන්වාදී තිබුණා.
අගමැතිවරයාගේ විශේෂ අවධානය එම කාරණයට යොමු වූ බවයි අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
වහාම ක්‍රියාත්මක වූ අගමැතිවරයා මෙම සමීක්ෂණයට සම්බන්ධ දරුවන් වෙනුවෙන් ලබාදෙන දීමනා අවුරුද්දට පෙර ලබා දිය යුතු බව අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම මේ පිළිබඳව මානුෂිකව බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ අතර සුබ සාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාව ද දුරකතනයෙන් සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍යවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ එම දරුවන්ගේ දීමනා වහාම ලබා දීමට කටයුතු කරන ලෙසයි.
කල් මැරීමකින් තොරව සිදුකළ මෙම ක්‍රියාවට රැස්වීමේ සිටි පක්ෂ විපක්ෂ සියලු මන්තිවරු අගමැතිට සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙම අවස්ථාවේ දැකගත හැකිව තිබූ සුවිශේෂී සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද කුරුණෑගල මන්ත්‍රීවරුන් රැස්වීම සඳහා පැමිණ සිටීමයි.