සුරූපී රංගන ශිල්පිනියක් වන ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ උපන්දිනය ඊයේ (10) දිනයට යෙදී තිබුණා.
ඊයේ රාත්රිය පුරාම ශේරිල්ව පුදුම කරවන දේවල් බොහොමයක් සැමියා සහ ඇයගේ හිතවතුන් එකතුවෙලා කරලා තිබුණා.
ඒ හැම දෙයකටම ස්තුති කරලා ෂෙරිල් මුහුණු පොතේ පොස්ට් එකකුත් දාන්න අමතක කරලා තිබුනේ නැහැ.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් අදහගන්න බැරි විදිගේ තෑගි බොහොමයක් ශේරිල්ට ලැබිලත් තිබුණා.
ඇයට තිබෙන ලොකුම බලාපොරොත්තුව මේ වසරේදී මවක් වෙන එක කියලා ෂෙරිල් කලින් දවසක කියලා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් අපිත් සුබ පතන ගමන් ඉක්මනින්ම ඇයගේ ප්රාර්තනාවත් හැබෑ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.