මම සජබ දාලා යන්නෙත් නෑ
ආයෙ එහෙම කියන්නෙත් නෑ
ඇමතිකම් ගන්නෙත් නෑ
ආයෙ එහෙම නිවේදන දෙන්නෙත් නෑ
තමන් පක්ෂය අතහැර ආණ්ඩුවට එක්නොවන බවත්, නැවත එහෙම ප්‍රකාශ නොකරන බවත් සමගි ජන බලවේගයේ විනය කමිටුවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශකර තිබෙනවා.
එමෙන්ම ආණ්ඩුවේ ඇමතිකමක් නොගන්නා බවත්, යළි එලෙස නිවේදන නිකුත් නොකරන බවත් ඔහු දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
සෞඛ්‍ය ඇමතිකම තමන්ට ලබා දෙනවානම් ආණ්ඩුවට එක් වන බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමසීම සඳහා ඊයේ සජබ විනය කමිටුවට රාජිත සේනාරත්න මහතා කැඳවා තිබෙනවා.
මෙම විනය කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර මහතා, කබීර් හෂීම් මහතා, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ තිස්ස අත්තනායක මහතා සහභාගී වී ඇති බවයි වාර්තාවන්නේ.