සිනමාවේ සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට සුව අතට හැරෙමින සිටින බව ඔහුගේ පවුලේ පිරිස ප්‍රකාශ කරනවා.
ඔහු වෙනුවෙන් ඊයේ දිනයේදී පවුලේ අය එකතු වෙලා බෝධි පූජා පින්කමක් පවත්වලා තිබුණා. ඒ කැලණිය රජමහා විහාරයේදියි.
අඛිල ඒ මොහොතේදී ඔහුගේ මවත් දියණියත් එකම රාමුවක සිටින ඡායාරුපයක් ගෙන තිබුණා.
එම ඡායාරුපය සමාජ මාධ්‍යයට මුදාහරිමින් ඔහු සඳහන් කර තිබුණේ “අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්” යනුවෙනි.
මාධවී, අඛිල සහ සජිත අද වන විට සමාජයේ සිටින තත්ත්වයට ඔසවා තැබීමට මුලික වුණේ, ජැක්සන් ඇන්තනී මහතා මෙන්ම කුමාරි මුණසිංහ මහත්මිය කියන එක කවුරුත් දන්නා කාරණයක්.
අප්පච්චී අසනීපෙන් සිටින වෙලාවක ඔහු වෙනුවෙන් පවත්වපු මේ බෝධි පුජාවේදී අඛිල මේ වගේ අදහසක් එකතු කරන්න ඇත්තේ සමහර විට ඒ අතීතය මතක් වෙලා වෙන්නත් පුළුවන්.