කැකුළන්දල ලියනගේ නිවේන් දෙව්මිණ නමැති වයස අවුරුදු දෙක හමාරක පුංචි පුතා ඔහුගේ දෙමව්පියන් සමග ගාල්ල, නෙළුව නගරයේ නෑදෑ ගෙදරකට ගොස් තිබෙනවා.
එම නිවසේ තරමක වේලාවක් කාලය ගත කරන අතරතුර මෙම දරුවා නිවසේ පෙනී නොසිටීම හේතුවෙන් කලබල වූ දෙමව්පියන් නෙළුව පොලිසියටද මේ පිළිබඳව පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.
පවුලේ පිරිස, ගම්වාසින් සමග මෙම දරුවා සොයා ප්රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් සිදු කළද දරුවා සොයා ගැනීමට අපහසු වී තිබෙනවා.
එබැවින් නිල සුනඛයින් යොදවා පරික්ෂා කිරීමට සුදානමින් සිටියදී දරුවාගේ නිසල සිරුර හමු වී තිබෙනවා. ඒ ඔවුන් රැඳී සිටි නිවස අසල පිහිටා තිබෙන ඇළ මාර්ගයක තිබියදියි.
අලුත් අවුරුදු සමයේ දී හෝ වෙන ඕනෑම කාලයකදී කුඩා දරුවන් පිළිබඳව විමසිලිමත් වීමට දෙමව්පියන්ට පාඩම් රැසක් උගන්වමින් පුංචි නිවේන් සදහටම දෙනෙත් පියාගෙන හමාරයි.