ස්වර්ණවාහිනිය විසින් පැවත් වූ ස්වර්ණ වර්ණ අවුරුදු වැඩසටහනේ කාගේත් අවධානය දිනාගත් වැඩසටහනක් බවට ස්වර්ණ කුමරා, කුමරිය පත් වුණා.
මෙම තරගාවලියට බොහෝ පිරිසක් ස්වර්ණ කුමරා සහ කුමරිය වීමේ බලාපොරොත්තුවෙන් පැමිණ තිබුණා.
අවසන් මහා තරගයේදී ස්වර්ණ කුමරා සහ Mr. Handsome බවට ද පත්වීමේ භාග්‍ය උදාවුණේ අංජන ජයශාන්ටයි.
ඔහු වෘත්තීය නිරූපණ ශිල්පියෙක් ලෙසින් මේ වන විටත් කටයුතු කරනවා.
ඔහුගේ අනාගත බලාපොරොත්තුව මෙරට රංගන ක්ෂේත්රයට ප්‍රවිෂ්ඨ වීම සහ නිරූපණ ක්ෂේත්රයේ දිගු ගමනක් යන එක කියලා තමා අංජන කියන්නේ.
මේ වන විටත් අංජන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරණ තරුණයෙක්.
අංජන කියන්නේ නිරුපණයට වගේම සංචාරයටත් ප්‍රිය චරිතයක්. ඔහුගේ මුහුණු පොතේ බොහෝ මතකයන්, එය බලන ඕනෑම කෙනෙකුට දැකගන්නත් ලැබෙනවා.
ස්වර්ණ කුමරා ලෙසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ඒ ජයග්‍රහණය ලබා ගැනීමට උපකාර කළ සියලුදෙනාට ස්තුති කරලා Post එකකුත් දාලා තිබුණා.
තව දිගු ගමනක් යන්න අංජනට අපෙන් සුබ පැතුම්.