ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ආරංචියේ හැටියට එම පහරදීම සිදුකරලා තිබෙන්නෙත් සංගීත ක්ෂේත්රයටම සම්බන්ධ චරිතයක්.
ජනප්‍රිය ගායකයෙකුගෙන් එල්ල වුණු මේ ප්‍රහාරය ගැන ඉඳුනිල්ගේ බිරිඳ හරිම පිළිකුලෙන් සමාජ මාධ්‍යවල අදහස් පල කරලා තිබුණා.
ඒ ගායකයත් තදින් මතට ඇබ්බැහි වුණු කෙනෙක් කියලා තමයි ආරංචි වෙන්නේ.
ප්‍රසංගයට පෙර මත්පැන් පානය කරලා කිසිඳු හේතුවක් නැතිව මේ පහරදීම සිදු කළා කියලා තමයි එතැන හිටපු පිරිස කියලා තිබුණේ.
පහර දීමෙන් පසුව ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණේ ඔහුගේ බෙල්ලට සහ හිසට සිදු වූ අනතුරු හේතුවෙන්.
ඉඳුනිල්ගේ බිරිඳ ප්‍රකාශ කරන විදිහට ඉඳුනිල්ගේ ලඟින්ම ඉඳන් ඔහුගේ හිත හදන්න පුංචි දියණියත් කටයුතු කරනවා.
අචිනි ඉඳුනිල් අන්දරමාන ඇයගේ සැමියාව රෝහල් ගත කරපු වෙලාවේ ගත්තු ඡායරුපයකුත් එක්කම මේ අදහස් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඒ ඡායාරුප වගේම අදහස් ඔයාලටත් පහළින් බලන්න පුළුවන්.