මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේඟයේ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලන ආරංවි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයන් සමඟ සාකච්ඡා කර යෝජනාවට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශකරන බවට සහතික වී ඇති බවයි.
මේ අතර හෙට (24) දිනයේදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.
එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී මන්ත්‍රිවරුන්ට අදාළ කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇත.
එම දැනුම්කීමට අනුව විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති බවද වාර්තාවේ.
මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල හෙට 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.