මේ දිනවල මුළු ලෝකයේම අවදානය යොමුවෙලා තිබෙන්නේ ටයිටැනික් නෞකාව බලන්න සබ්මැරීනයකින් මුහුදු පතුල බලා ගියපු කෝටිපතියන් කිහිපදෙනෙක් දිහාවටයි.
ඔවුන් ගිලුණු ටයිටැනික් නෞකාව සොයා කිලෝ මීටර් හතරකට ආසන්න ප්‍රමාණයක් මුහුදු පතුලට සබ්මැරීනයකින් ගමන් කර තිබෙනවා.
මේ ගමන ආරම්භකර පැයකුත් විනාඩි 45ක් පමණ ගිය පසු සබ්මැරීනය සහ ගොඩබිම අතර සම්බන්ධතාවය නැතිවෙලා තිබෙනවා.
දින ගණනක් පුරා ගලවාගැනීමේ කණ්ඩායම් රැසක් මෙම පිරිස සිටින සබ්මැරීනය සොයා පරික්ෂා කිරීම් සිදු කළත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් සොයා ගැනීමට හැකිවෙලා නැහැ.
ඔවුන්ගේ ජීවිත රැකගැනීමට ඉතිරිවෙලා තිබෙන අවසන් පැය කිහිපය පමණක් ඉතිරිව පවතිද්දී දිය යටින් සබ්මැරීනයේ බවට සැක කෙරෙන ශබ්දයක් සෙවුම් යන්ත්‍ර වලට හසුවී තිබෙනවා.
පරීක්ෂකයින් සහ අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ දිය යට මිනිත්තු තිහක දුරින් යමක් බිඳෙන ශබ්දයක් ඇසුණු බවයි.
මේ වන විට අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් එම ශබ්දය නැගුණු ස්ථානය සොයා මුදවාගැනීමේ කණ්ඩායම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වර්තාකරන්නේ.