මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන යුවලක් තමයි මාධවී සහ කසුන් කියන්නෙ.
දෙන්නාගේ ආදරය පිරිලා ඉතිරිලා යන ඡායාරූප හැමදාම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
අපි කවුරුත් මාධවී ගැන දැනගෙන ඉන්නෙ ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දියණිය හැටියටයි.
ඇයගේ අතගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සහකාරයත් කලා ලෝකයේ ප්‍රසිද්ධ කවිකාරයෙක්.
ඉතිං මේ කවිකාරයා මේ පාරත් දෙන්නාගේ ආදරය දැක්වෙන ඡායාරූප කිහිපයට කවියකින්ම උත්තර බැඳලා තිබුණා.
ඒ, කවිකාරයෙක්ට ආදරය කරන මාධවිත් කවිකාරියක් වුණ නිසාමද මන්දා.
දෙන්නට දෙන්නා ආදරය ප්‍රකාශ කරගත් කවි ටිකත් අපි පහතින් එක් කරන්නම්.