“ඔයා තමයි මාගේ සිහිනේ හැමදාමත් පෙම් කුමාරිය…”
මේ ආදරණීය සටහන ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන සිය Facebook ගිණුමේ තබා තිබුණා.
ඒ, ඔහුගේ සහ ආදරණීය බිරිඳ කුෂ්ලානිගේ 9 වන විවාහ සංවත්සරය වෙනුවෙන්.
රොෂාන් සිය බිරිඳ වෙනුවෙන් ඇති ආදරය තවදුරටත් සිය Facebook ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.
“අවුරුදු 9කට කලින් මම ඔයා සමග විවාහ වෙලා මගේ ජීවිතේ හොඳම තීරණය ගත්තා. වසර 9ක් ගෙවී ගියේ මොහොතක් වගේ.. මගේ ජීවිතයේ ඉතිරි කාලය ද ඔබ සමග ගත කරන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා . දිනෙන් දින මම ඔබට තියෙන ආදරේ වැඩි වෙනවා… ඔබ නිරන්තරයෙන් මට සතුට ගෙන දෙන අතර සැබෑ ආදරයක් ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා… ඉතිං මගේ ආදරය… සුබ 9 වැනි විවාහ සංවත්සරයක් වේවා…”

ඉතිං GossipKing අපිත් රොෂාන් රණවනටත්, බිරිඳටත් ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එක් කරනවා.
ඒ වගේම රොෂාන් රණවන සහ බිරිඳ කුෂ්ලානි ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන Photoshoot එකකුත් කරලා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් තමයි මේ…











