පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යළි පිය පදවිය ලබා තිබෙනවා.
සිය Facebook සහ Twitter ගිණුම්වල සටහනක් තබමින් ඔහු කියන්නේ පියෙකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් වගේම එය පෙරට වඩා වගකීම් සහගතයි කියලා.
නාමල් රාජපක්ෂ මහතා පළ කරලා තිබුණ මේ සටහනට බොහෝ දෙනා සුබ පැතුම් පළ කර ඇති ආකාරය ද දක්නට ලැබුණා.
කොහොමවුණත් පසුගිය දිනක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් වැය වූ විදුලි බිල තවමත් නොගෙවා ඇති බවට ද පාර්ශව රැසක් චෝදනා එල්ල කළා.