ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ විවාහ උත්සවය පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ඇයගේ අත ගත්තේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික නිහත සල්ගාදෝ යි.
ඔවුන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් උත්සව අවස්ථාවන් 4ක් පැවැත්වුණු අතර පළමු දිනයේ ලස්සන උඩරට මනාලියක් ලෙසයි ශලනි සැරසී සිටියේ.
එදින සිය පවුලේ සමීපතමයින් සම්බන්ධ කර ගනිමින් සාම්ප්‍රදායානුකූලව ශලනිගේ විවාහ මංගල්‍යය සිදුවුණා.
දේවස්ථානයේ ශලනි තාරකාගේ විවාහ මංගල්‍යයේ දෙවන අවස්ථාව පැවති අතර ඊට පසුදින මෙහෙන්දි උත්සවයක්ද පැවැත්වුණා.
ශලනිගේ සහ නිහතගේ දෙවන ගමන වෙනුවෙන් පැවති උත්සවයට මෙරට කලා ක්ෂේත්‍රය නියෝජනය කරන කලා තරු රැසක් සහභාගී වී සිටි ආකාරය දක්නට ලැබුණා.
එදින ඔවුන් දෙදෙනා සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි.
ඉතිං දින කිහිපයක් පැවති මෙම උත්සව අවස්ථාවන්ගෙන් අනතුරුව ශලනි – නිහත මධු සමය ගත කිරීම සඳහා මැලේසියාව බලා පිටත්ව ගියා.
විවාහයෙන් අනතුරුව ශලනි අපූරු සටහනක් සිය Facebook ගිණුමට එක් කරලා තිබුණා.

ඉතිං ශලනිට සහ නිහතට ඔවුන්ගේ විවාහ ජීවිතයට GossipKing අපි සුබ පැතුම් එක් කරනවා.
ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ අලුත්ම ඡායාරූප කිහිපයක් පහතින්….




















