ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (04) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
කොහොමවුණත් පසුව එල්ල වුණ සියලු චෝදනාවලින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරුණා.
ඉතිං මාස 11කට පසුව ධනුෂ්ක ගුණතිලක අද මෙලෙස දිවයිනට පැමිණි අතර ඔහු සිය කළමණාකරු සහ පෙම්වතිය සමග තමයි මෙරටට ආවේ.
දිවයිනට පැමිණි ධනුෂ්ක කිව්වේ තමාට චෝදනා එල්ල වූ කාලයේ සිට නඩු කටයුතු අවසන් වන තුරු සහය දැක්වූ සියලු දෙනාට ස්තූතිය පළ කරනවා කියලයි.
“මාව විශ්වාස කරපු හැමෝටම ස්තූතියි – ඉක්මනින් පුහුණුවීම් පටන් ගන්නවා” ධනුෂ්ක මාධ්‍ය වෙත ඒ විදියට වැඩිදුරටත් අදහස් පළ කළා.